Friday, October 3, 2008

හුදකලාව

කවුළුවෙන් එබෙන සඳ
ඉඟිකරයි හදවතට,
නැවුම් සුවඳක් සොයා අැදීයයි අන්තයට...
හාත්පස හඬනඟන
නිහඬබව තුළින්විත්- කවුරුදේ හෙමිහෙමින්
සන් කරයි නෙතු අගට...,
ජීවිතයෙ පාළු බව
තුරුළුවුන සැනින්විත්
මම හිඳිමි....
ඔබ නෙළු ...
අරලිය මලෙක.......?

2 comments:

Bandula - බන්දුල said...

අර-ලිය(මලෙක)- ඔබ නෙළු ...

හිඳිමි මම
තුරුළුවුන සැනින්විත්
ජීවිතයෙ පාළු බව
සන් කරයි නෙතු අගට...,
කවුරුදේ හෙමිහෙමින් - නිහඬබව තුළින්විත්
හාත්පස හඬනඟන
නැවුම් සුවඳක් සොයා අැදීයයි අන්තයට...
ඉඟිකරයි හදවතට, කවුළුවෙන් එබෙන සඳ

ලියන්න දිගටම ලියන්න.
ලියන්න නිතරම ලියන්න.
ලියන්න සැමගැන ලියන්න.
ලියන්න කියන්න තියෙනදේ ලියන්න.

Homo Erectus said...

එච්-කේයස්,
ඔයා කේයස්ගේ කවුද?
කවුරු වුණත් hks-hks බ්ලොග් එකේ කවි වගේ දෙවල් ලියන්න.
අපේ කට්ටිය ගැන (හෝමෝ හැබිලිස් ගැන වගේ) ලියනවනම් ඔන්න මගේ බ්ලොග් එකේ ලියන්න ඔයාට අවසර දුන්නා. http://homoerectuslk.blogspot.com/